LankapetLovers
   SPONSORED LINKS
Pet Articles
We welcome your articles, poems and any form of write up with regard to pets
lankapetlovers
Post Your Ad
Contribute to Anuradhapura Dog Shelter
Posted by C J on 2013-05-16 13:57:14

සුනඛ මිතුරු නිවහනේ දැනට සිටින සුනඛයන් සඳහා ආහාර වෙනුවෙන් විශාල මුදලක් වැය වන්නේ නැත. මිනිසුන්ට මෙන් ෆ්‍රයිඩ් රයිස් නැතහොත් වෙන වෙනම බත් සහ හොදි මාළු පිනි අවශ්‍ය නොවන නිසා සුනඛයන් එක්දහස් පන්සියයක පමණ ප්‍රමාණයකට රුපියල් පන්දහසක මුදලක් එක දිනකට සෑහේ. ඒ අනුව සතුන්ට ආදරය කරන කාරුණික හදවත් ඇත්තවුන්ට මෙන්ම තමන්ගේ හෝ දරුවකුගේ උපන් දින සාද උදෙසා වැඩි මුදලක් වැය කරන්නට වත්කමක් නැති, එහෙත් දානයක් පිරිනැමීමට කැමති පින්වතුනට මෙම සුනඛ මිතුරු නිවහනේ අහිංසක සුනඛයන් උදෙසා දනක් පිරිනැමීමේ හැකියාව ඇත. මෙහිදී කිව යුතු තවත් විශේෂිත දෙයක් ඇත. ගෘහස්ථ සුනඛයන් නොවුණ ද මෙලෙස මිනිස් ජනාවාසවල රංචු ගැසී ජීවත් වන සුනඛයන් ජාත්‍යන්තර වශයෙන් ද හඳුන්වා දී ඇත්තේ ප්‍රජා සුනඛයන් (Community dogs) යනුවෙනි. තමන්ට කියා වෙනම හාම්පුතුන් නොමැති වුවද තමන්ට ඉඳුල් පිඬක් වීසි කරන සියලුම දෙනා තම හාම්පුතුන් සේ සලකා ඔවුනට යටහත් පහත් බවක් පළ කිරීම. මෙම ප්‍රජා සුනඛයන් ගේ ස්වභාවයයි. ඔබ අනුරපුර වන්දනාවේ ගොස් නතර වන ස්ථානවලදී එහි සුනඛ රංචු හිස් පහත් කොට වලිග වනාගෙන අතිශය සුහදශීලී හා යටහත් පහත් ලෙසින් ඔබ ඉදිරියට පැමිණියේ ඔබ කෙරෙහි ඔවුන් තුළ පවත්නා අතිමහත් භක්ත්‍යාදරය නිසාය. නමුදු මින් ඉදිරියට එසේ ඔබ හමුවට නොඑන ඔවුන් දැන් අනුරපුර සුනඛ මිතුරු නිවහනේ දී ඔබ පැමිණෙන තුරු බලා හිඳිනු නියතය. එබැවින් මෙම කරුණ තේරුම් ගත හැකි සංවේදී මනැසක් ඔබ සතු නම් ‘සුනඛ මිතුරු නිවහන’ට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසා දනක් පිරිනැමීමට ඔබ ද ඉදිරිපත් වන බවට සැක නැත. ඒ සඳහා විස්තර දැන ගැනීමට අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා ඇමතිය හැකිය. දුරකථන අංකය 025-3021001, 025-2222276
ස්තූතිය: අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස, නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස යන මහතුන්ට

ඉන්දු පෙරේරා
ඡායාරූප
- බුද්ධික මහේෂ් විජේසූරිය

  0 Comment(s) read them below or add one Reply Now
 Leave a Comment
Name*
E-mail
Comment*
 
 
  Forgot password ?
It's free and anyone can join
sign up
Invite
   SPONSORED LINKS
LankapetLovers
 
© www.LankaPETLovers.com 2009 All rigts Reserved. Design & Developed by VISIONCORE